Press "Enter" to skip to content

අමාත්‍යංශ 28ක් වෙනස් කරයි

දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම් වල වෙනස්කම් එසේ සිදුකිරීමට නියමිතය.

ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශ වලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමට මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී තිබේ.

එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීම ඇතැයිද වාර්තා වෙයි.

ඊට අමතරව තවත් සුළු වෙනස්කම් කිහිපයක් ද සිදු වනු ඇත.
(c news)

More from GossipMore posts in Gossip »