Press "Enter" to skip to content

පාසල් සිසුවෙක් උස්සා පොලවේ ගැසු තිදරු පියෙක් අත්අඩංගුවට

පාසල් සිසුවකු උස්සා පොලවේ ගැසූ තිදරු පියෙක් අද දින (12) සැක පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 5වන ශ්‍රේණියේ ඉගනුම ලබන දස හැවිරිදි පාසැල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් උරණවීම නිසාවෙන් පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් පහර දුන් සිසුවාගේ නිවසට ගොස් මෙලෙස සිසුවා පොළවේ ගසා ඇති බව පැවසෙනවා.

තුවාල ලැබූ සිසුවා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සිදුවීම සිදුවීමට පෙර සිසුන් දෙදෙනාට පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය සිසුන් දෙදෙනා අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කර ඇති බවද වාර්තා වේ.

බගවන්තලාව පොලිසියට ලද පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

More from GossipMore posts in Gossip »