Press "Enter" to skip to content

මාගේ අවසරයක් නොමැතිව හඳුන්නෙත්ති ජනාධිපති කොමිසට කැඳවන්න බැහැ

සිය අවසරයකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සඳහා කෝප් කමිටු සාමාජිකයින් කැඳවිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ විමර්ශනයට අදාළව එම කැඳවීම සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.

More from GossipMore posts in Gossip »