Press "Enter" to skip to content

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු හොරණ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත් කළ හොරණ පොලීස් ස්ථානයේ පරීක්ෂකවරයෙකු ඉංගිරිය ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේදී සැකකාර පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාවගේ පුත්‍රයා විසින් අස්ථානගත වූ යතුරු පැදියක් සම්බන්ධව හොරණ පොලීසියට පැමිණිලි කර තිබේ.

අදාළ පැමිණිල්ලේ පිටපතක් වෙනුවට ලදු පතක් ඇයට ලබාදීමට අවශය කටයුතු සිදුකරදීම වෙනුවෙන් සැකකාර පොලිස් නිලධාරියා ඇයගෙන් ලිංගික අල්ල ඉල්ලා තිබේ.

More from GossipMore posts in Gossip »