Press "Enter" to skip to content

ජේලර්ගේ විවාහයට වෙලේ සුදාගෙන් විස්කි බෝතල් සියයක් තෑගි

සිරදඬුවම් නියම වී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගෙන් තම විවාහ මංගල්‍යය සඳහා මත්පැන් බෝතල් තොගයක් ලබා ගත්තේ යැයි කියන බන්ධනාගාර නිලධාරියෙකු පිළිබඳ වාර්තාවක් කැඳවා තිබේ.

අදාල බන්ධනාගාර නිලධාරියාගේ විවාහ මංගල්‍යය සඳහා වෙලේ සුදා විසින් විස්කි බෝතල් සීයක් පමණ ලබා දී ඇතැයි ලද තොරතුරක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් බූස්සේ බන්ධනාගාර අධිකාරී විසින් කර ඇති පැමිණිල්ලක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.

වෙලේ සුදා නමැත්තා මරණ දඬුවම නියම වී සිටින අතර වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා ඇත.

More from GossipMore posts in Gossip »