Press "Enter" to skip to content

පිළිකා නසන ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වෙයි

පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
වියළි කලාපයේ හටගන්නා ඉතා දුර්ලභ හතු විශේෂයක් භාවිතා කරමන් මෙම ඖෂධය නිෂ්පාදනය කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
2012 වසරේදී පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන ඔවුන් වසර 3ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනු ලබනවා.

ඉන් නොනැවතුණු එම කණ්ඩායම අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහා තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමටද සමත් වී තිබෙනවා.

More from GossipMore posts in Gossip »