අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී තිබේ.
එම සියලූ පුද්ගලයින් කුවේට් සිට පැමිණ ති‍්‍රකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1117 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් 674 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් ප්‍රමාණය 434 වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.






