ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනාගෙන් පුද්ගලයන් 9ක් නාවික හමුදා සාමාජිකයන් බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේ අතර එම ආසාදිතයන් 10 දෙනා අතර සිටින අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයන්ගේ සමීපතමයන් බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.






