Press "Enter" to skip to content

ඊයේ එංගලන්තයෙන් මෙහි ආ තරුණියකට කොරෝනා ලක්ෂණ

Covid – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවට පත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර සිටි එක් තරුණියකට Covid – 19 රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් ඇයව මීගමුව මහ රෝහලට යොමුකර තිබේ.

පසුව ඇයව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍යට පවසා තිබේ.

එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙසේ ඊයේ (04) මෙරටට 208 දෙනකුගෙන් සමන්විත මෙම පිරිසක් ගෙන්වා ඇත.

මේ පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද පැවසේ.

ඒ තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පිරිස ඔවුන් අධීක්ෂණය කළ හමුදා සාමාජිකයන් සමග ද ඔවුන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇති බව පැවසේ.

srilankamirror