Press "Enter" to skip to content

කොරෝනා සුව වී ගෙදර ගිය පුද්ගලයා ගම පුරාම යයි

පුත්තලම දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ පළමු පුද්ගලයා එම වෛරසයෙන් සුවය ලබා යළි නිවසට පැමිණ තිබේ.

නමුත් දින දාහතරක් නිවසේ තවදුරටත් රැඳී සිටින ලෙස ඔහුට ලබාදී තිබූ සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඔහු තම ගම පුරා සැරිසරා ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුගේ නිවසට යන විටත් ඔහු නිවසේ රැඳී සිට නැත.

පසුව ඔහුට දැඩි ලෙස අවවාද කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ එළැඹෙන 24 වනදා වන තෙක් නිවස තුළම රැඳී සිටින ලෙසයි.

More from GossipMore posts in Gossip »