පාතදුම්බර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු කසිප්පු පෙරමින් සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පවතින ඇඳිරි නීතියද නොතකා ඔහු විසින් මෙම නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කොට තිබෙන අතර කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
මේ වන විට ඔහු පොලිස් අත් අඩංගුවේ පසුවෙනවා.










