Press "Enter" to skip to content

ජනතා ගැටලු විසඳීමට එජාපය රවී හා නවීන් පත්කරයි

කොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවගේ ගැටලු සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි අධික්ෂණ කටයුතු එ.ජා.ප උපනායක රවී කරුණානායක මහතා වෙත පවරා තිබේ.

වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු පවරා ඇත්තේ එ.ජා.ප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාටය.

කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිරෙන බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක සහ වතු ජනතාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවී කරුණානායක හා නවීන් දිසානායක යන මහත්වරුන් විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

More from PoliticalMore posts in Political »