Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් ගැන තීරණ සෞඛ්‍ය අංශ උපදෙස් මත පමණයි

කොරෝනා වෛසරසය ආසාදිතයින් සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් මත පමණක් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තමන් සමග සාකච්ඡාවට පැමිණි කණ්ඩායමක් කොරෝනා ආසාදිතයින්ගේ මරණයන් පිළිබද අවසන් කටයුතු සිදුකරන කාරණාවක් පිළිබද ඔවුන්ගේ යම් අදහස් ඉදිරිපත් කර තිබුණද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දෙන උපදෙස් අනුව ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරන ක්‍රියාවලියට අනුව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන බවයි යුධ හමුදාපතිවරයා අවධාරණය කළේ.

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බලධාරීන් විසින් ගනු ලබන තීරණවලට රටේ සියලු දෙනා අවනත විය යුතු බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

blob:https://www.facebook.com/018b5630-8bb3-4145-b8db-fbf8f1f40452