කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලයෙකුට නැවත එම වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව මෙතෙක් තහවුරු වී නොමැති බව වසංගත රෝග අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
මෙම කරුණ නිශ්චිතව තහවුරු කර ගැනිම මේ වන විට විටත් පර්යේෂණ මට්ටමේ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය.
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට මාස 03 ක පමණ රෝග ඉතිහාසයක් පවතින බැවින් එම වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලයෙකුට නැවත ආසාදනය වීම පිළිබද අදහස් ප්‍රකාශ කළ නොහැකි බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
කෙසේවෙතත් දැනට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ලෝකයේ රටවල් අතරින් මෙම වෛරසයේ තිබිරි ගෙය ලෙස සැලකෙන චීනයෙන් පමණක් කොරෝනා වෛසරය ආසාදනය වී සුව වු පුද්ගලයින් කිහිප දෙනෙකුට නැවත එම වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුව වු රෝගියෙකුට නැවත කොරෝනා ආසාදනය විය හැකිද ?
More from GossipMore posts in Gossip »
- මරණය පරදා ජීවිතය දිනූ හැටි – 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම
- යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි
- ඇදහිය නොහැකි මුදලකින් වාහන මිල ඉහළට
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න





