Press "Enter" to skip to content

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තවත් සේවකයෙකුට කොවිඩ්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද තහවුරු වී ඇත.

එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.

මේ හේතුවෙන් එම ප්‍රතිකාර ඒකකයේ රාජකාරියෙහි නියුතු වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සුළුසේවක කාර්ය මණ්ඩලය සමඟ එහි ප්‍රතිකාර ලබන රෝගීන්ද අද පීසීආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.