Press "Enter" to skip to content

නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් ගණන 211ක් දක්වා ඉහලට

කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමත් සමග එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය ඊයේ (20 වැනිදා) දැනුම් දී ඇත.

නෙක්ස්ට් නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20 වැනිදා) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා වූහ.

ඊයේ (20 වැනිදා) දිනයේ ඔකායා ලංකා නමැති තවත් ඇඟලුම් හලකින් රෝගියෙක් වාර්තා විය. මේ සමග සේවකයන් දෙදහසක් පමණ සේවය කරන නෙක්ස්ට් ඇඟලුම් හලේ සේවකයන් නවාතැන්පොළවල් තුළදීම ස්වයං නිරෝධානයට යොමු කර ආහාර පාන ලබාදෙන ලෙස ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.